― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialඅරගලය අස්සේ යොහානිගෙන් අමුතු කැම්පේන් එකක්

අරගලය අස්සේ යොහානිගෙන් අමුතු කැම්පේන් එකක්

යොහානි කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුන එක රැයින් ජාත්‍යන්තරය ජය ගත් තරුවක්. මේ දිනවල පවතින තත්වයන් සහ විරෝධතාවයන් සඳහා යොහානි මේ දක්වා කතා නොකළ නිසා ඇගේ ශ්‍රී ලාංකික රසිකයින් නම් හිටියේ තරමක නොරුස්සන ස්වභාවයකින්.
නමුත් මෙන්න යොහානි එකවරම උත්ථානයට පත්වෙලා මේ තත්ත්වය පිළිබඳ සටහනක් ඇගේ මුහුණුපොතේ පිටුවේ පළ කර තිබුණා. ඒ විතරක් නෙමෙයි ඇය ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබුණා. ඒ සඳහාත් වේ වෙනකොට ඩොලර් දහස ඉක්මවා යන ආධාර ප්‍රමාණයක් ලැබී තිබුණා.

කොහොම නමුත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් නම් කියන්නේ යොහානි තවත් හෑශ් ටැග් එකක් මේ අරගලය උස්සන් එන්න හදනවා විතරයි කියලයි. මොකද මේ යොහානිගේ ෆෝ ශ්‍රී ලංකා හෑෂ් ටැග් එක මීට කලින් අගමැතිතුමාගේ සෝෂල් මීඩියා කැම්පේන් සඳහා භාවිත කළ ටැග් එකක්.

කොහොම නමුත් ඇගේ සටහන්වලම කියනවා නේ ඇයට මේ දේශපාලනය වගේ කාරනා ගැන දැණුමක් නැහැ කියලා.ඉතින් ඒ නිසා ඇයට මේ ගැන ලොකු තේරුමකුත් නැතුව ඇති කොහොම වුනත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ කලාකරුවන් වගේ තාරකාවන් මේ අරගලයට දායකවන බව අපිට දකින්නට ලැබෙනවා.

මේ තියෙන්නේ ඇය මුහුණුපොතේ පල කළ සටහන,

ආයුබෝවන්! ඇඟ බේරා ගැනීමට නොවෙයි. අවසානය වන තෙක් කියවන්න. අපේ රට ගැන ජාත්‍යන්තරය ඍණාත්මකව දැකීම අවම කර ගන්න මෙම සටහන සිංහලෙන් ලිකිතව තැබීමට කල්පනා කලෙමි. මමත් ඔබත් සමගයි. මේ මොහොතේ ලංකාවේ නැති වුණත් ඔබේ අරගලය මගෙත් අරගලයයි. නිහඬව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස, දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත්, එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවින්ය. නමුත් අපේ රට පන නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද, එය පිළිවෙලින් කිරීමට විෂය පිලිබඳ උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මම පෞගලිකව විශ්වාස කරමි. කාටවත් ඇඟිල්ලක් දික් කර වැරදි පෙන්නන්න පරිනත නැති බැවින්, මේ අරගලයේදී මමත් ඔබ සමගයි පමණක් කියමි. ඔබෙත් මගෙත් අනාගතය සුරකින්න ඕන නායකයින්, දේශපලකයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් පැහැර හැරීම හේතුවෙන් මගේ රට පත්ව තිබෙන තත්වය ගැන ඔබට දැනෙන වේදනාව මටත් නොඅඩුව දැනෙනවා. මමත් මගේ කණ්ඩායමත් නිර්මාණකරුවන් විදිහට පමණක් කටයුතු කරන පිරිසක්. ඇතැම් උත්සව අවස්ථා වල දේශපාලකයන් මුණ ගැසී, ඔවුන් සමග කතා බහ කර තිබුනත්, මමත් මගේ කණ්ඩායමත් කිසි විටෙක දේශපාලන පක්ෂයක් සමග කටයුතු කර නැති බව වගකීමෙන් ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. දේශපාලනය නිසා කිසියම් ප්රතිලාභයක්ද ලබා නැත. මගේ පියා ගැන ආටෝප ලිවීමට අවශ්‍ය නැත. මමත් මගේ කණ්ඩායමත් තරුණ වෘතිමය නිර්මාණකරුවන් පිරිසක්. 2019 අප්‍රේල් මාසයේ සිට ඔලුව උස්සන්න හදන පිරිසක්. ඉදිරි මාස 6දී ලංකාවේ සැලසුම් කර තිබු වෘතිමය කටයුතු කිසිවක් කිරීමට පරිසරයක් නැති වීම ගැන කණගාටු වෙමු. අපිට දැනෙන වේදනාව, එදා වේල හොයාගන්න බැරි අම්මලා, තාත්තලට, ඉස්කෝලේ යන්න බැරි නංගිලා, මල්ලිලාට, බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා , සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ. ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් , මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු. වැඩ කරන අතර , මගේ යු ටියුබ් නාලිකාවේ සහ අනෙකුත් ස්ට්‍රීමින් නාලිකා වල ඉදිරි මාස 3 ආදායම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමි. මගෙත් එක්ක මේ ක්‍රියාවලියට “ෆෝ ශ්‍රී ලංකා” For Sri Lanka පදනම එකතු වී ඇත. අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක්. ඔබේ සහය බලාපොරොත්තු වෙමු. අඩුපාඩු පෙන්වා දෙන්න.