“ගෝඨාගෝගම” යනු කොළඹ පුරවරයට ආ නවතම ගම්මානයයි. පසුගිය 09 වැනි සෙනසුරාදා ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා විසල් උද්ඝෝෂණයක ගාලු මුවදොර පිටියේදී පැවති අතර ඒ සඳහා ලංකාවේ සතර දිග් භාගයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී විය. ඔවුන් සෙනසුරාදා රැය පහන් වනතුරුම අව්, වැසි, පිපාසය, කුසගින්න නොතකා අරගලයේ යෙදුණු අතර ඉන්පසු කුඩා නිවාස තනාගෙන ඒ තුළ වෙසෙමින් නිරතුරුවම අරගලයේ නිතර වෙනු දක්නට ලැබේ.
එම ගම්මානයට මෙම නම ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. Google map සේවාවට ගිය ඔබට “ගෝඨාගෝගම” මෙසේ දිස් වනු ඇත. මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ ගෝඨාගෝගම ගම්මානයට පිවිසෙන සියලු සාමාන්‍ය මහජනතාව වෙත ඉදුම්හිටුම් ආහාරපාන බෙහෙත්හේත් නොමිලේ සපයනු ලැබීමයි.