― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබුණත් අප රට මේ වනවිට දරුණු අගාධයකට ඇද වැටෙමින් තිබෙනු දක්නට ලැබෙන බවයි.

තවද වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ රට වසා තැබීමත් සමඟ විදේශ විනිමය එන මාර්ග අහිමි වූ බවත් එම හේතුවෙන් මෙරට විදේශ සංචිත සිඳී ගිය බවත්ය.

ඒ හෙතුවෙන් ඉන්ධන නැව මුහුදේ පෙනී පෙනී තිබෙද්දීත් එය ගොඩ බා ගැනීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙන් ජනතාවට විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුව ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

අහිමි වීම මෙන්ම අත්හැරීමත් මේ දේශපාලනයේදී අපට හොඳට පුරුදු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට ගනු ලබන බවයි.

එදා පාද යාත්‍රා යද්දී පයට පෑගුණු වැලිකැටවලට වඩා තමාටත් තම පවුලේ අයටත් ලැබෙන නින්දා අපහාස වැඩි බවත් එනමුත් ඒවා තමාට හොඳට පුරුදු බවත් අගමැතිවරයා කීය.

මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවන්ට කිසිඳු හිරිහැරයක් නොකරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.