30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅන්තර්කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව ගෙදර යා යුතුයි - විමල් වීරවංශ

අන්තර්කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව ගෙදර යා යුතුයි – විමල් වීරවංශ

රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව ගෙදර යා යුතු බවත් බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියා සාටකය දාගත් අයෙකුට පාරට බහින්න බැරි තැනට වැඩේ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අවධාරණය කළේය.

අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එසේ නොකළොත් රට තුළ ඇති වන අවාසනාවන්ත ඉරණමේ පාපතර වගඋත්තරකාරයන් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් එකිනෙකා අතර පවතින පරස්පරතා පසෙක තබා විරෝධතාවේ නියුතු ජනතාවගේ අභිලාෂයන්ට නිසි ගෞරවය දිය යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මේ වන විට රට පත්ව තිබෙන අනතුර ගැන එදා අමාත්‍ය මණ්ඩලය තුළ තමන් ඇතුළු ඇමතිවරු කිහිපදෙනෙක් පෙන්වා දුන් බවත් ඒ ගැන නාමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු තමන්ගේ හෘද සාක්ෂියෙන් ඒ ගැන දන්නා නමුත් ද්විත්ව රටවැසියාගේ මායාවට ඔවුන් සියලු දෙනා හසු වූ බව විමල් වීරවංශ ප්‍රකාශ කළේය.