― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමුදල් ඇමති රට ඉද්දි ඉන්ධන මිල වැඩි කළේ කොහොමද? - හර්ෂ ද...

මුදල් ඇමති රට ඉද්දි ඉන්ධන මිල වැඩි කළේ කොහොමද? – හර්ෂ ද සිල්වා

මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් අමාත්‍යවරයාට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මුදල් අමාත්‍යවරයා විදෙස්ගතව ඇති අවස්ථාවක ඛනිජ තෙල් අමාත්‍යවරයා ඉන්ධන මිළ ඉහල නැංවුයේ කෙසේද යන්න එහිදී හර්ෂද සිල්වා ප්‍රශ්ණ කළේය.

පුළුවන් නම් ආණ්ඩුවෙන් මේකට උත්තරයක් දෙන්න. මුදල් අමාත්‍යවරයා රට ඉද්දි නීත්‍යානුකූලව තෙල් ඇමතිටවත් මෙහෙම තෙල් මිල වැඩි කරන්න බැහැ. අපිට වැඩ බලන මුදල් අමාත්‍යවරයෙක් නැහැ. ඉතින් මුදල් අමාත්‍යවරයාගේ අත්සනක් නැතුව කොහොමද තෙල් මිල වැඩි කළේ. රඹුක්කනදී සිදු වූ ලක්ෂාන්ගේ මරණය පවා බොහෝවිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට විධායක ජනාදිපතිවරයා විසින් බලය උදුරා ගැනීම හැර පාර්ලිමේන්තුව දියාරු කිරීමේ වැඩපිළිවෙලක් නිසාද කියලා.

ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ “හැමදාම ඕක අහනවා. ඛනිජතෙල් ඇමතිවරයා විසින් නිර්දේශ කරන වැඩිවීමක් අනුමත කරනවා. මුදල් ඇමති හෝ රජයේ ප්‍රධාන ඇමතිවරයෙක් නොමැති අවස්ථාවක ඒ වගකීම, අයිතිය ජනාධිපතිවරයාට තිබෙනවා.