― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරංජිත් සියඹලාපිටියට ඇමති ධූරයක්?

රංජිත් සියඹලාපිටියට ඇමති ධූරයක්?

හිටපු කැබිනට් ඇමතිවරයෙක් විසින් රංජිත් සියඹලාපිටියට ඇමති ධූරයක් භාරගන්නා ලෙස ආරාධනා කොට තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම හිටපු කැබිනට් අමාත්‍යවරයා වට්ස් ඇප් දුරකථන ඇමතුමක් ඔස්සේ එම පණිවිඩය ලබා දී තිබේ.

තමන්ට ආර්ථිකය සම්බන්ධ විශේෂ ඇමති ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා සූදානම් බව පවසමින් එම දුරකථන පණිවිඩය ලැබී ඇති අතර රංජිත් සියඹලාපිටිය
එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇථ්තේ ජනතාව මේ අවස්ථාවේ සිටින්නේ වෙනම මතයක බැවින් තමාත් ජනතාවගේ පැත්තට යන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවට පටහැනිව යෑමට නොහැකි බවත් දුරකථන ඇමතුම දුන් අදාළ ඇමතිවරයාට රංජිත් සියඹලාපිටිය මතක් කර දී ඇත.

ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 රඳවා තබා ගැනීම සඳහා ස්වාධීන වූ මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින් චෝදනා එල්ල වෙයි.

සියඹලාපිටිය මහතා තමා පාර්ලිමේන්තුවේ දරමින් සිටී නියෝජ්‍ය කතානායක ධුරයෙන්ද ඉල්ලා අස් විය.