― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහිටපු ඇමතිවරුන් විමල්, ගම්මන්පිල හමුවෙයි

හිටපු ඇමතිවරුන් විමල්, ගම්මන්පිල හමුවෙයි

මේ වනවිට ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර අහිමි වූ හිටපු ඇමැතිවරු සංඛ්‍යාව 16ක් වන අතර ඔවුන්ගෙන් බහුතරය කලකිරීමෙන් පසුවෙයි.

කැබිනට් අමාත්‍ය ධුර අහිමි වූ හිටපු අමාත්‍යවරුන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල හමු වී සාකච්ඡාවක නිරත වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කළ අතර හිටපු ඇමතිවරු විසින් ඔවුන් දෙදෙනා මුණගැසී තමන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වෙයි.

ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතු බවටද ඔවුන් විසින් යෝජනා කර ඇති අතර ආණ්ඩුවේ දෙදරීම ආරම්භ වූයේත් වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධූරවලින් ඉවත් කිරීමෙන් පසුවය.

හිටපු කැබිනට් ඇමතිවරු යළි ඇමති ධුර බාර නොගන්නා බවට එළඹි පොදු සම්මුතිය කඩා දමමින් ඇතමුන් කැබිනට් ඇමතිධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එස්.එම්.චන්ද්‍රසේන මේ වන විටත් සිය අප්‍රසාදය ආණ්ඩුවට පළ කර තිබේ.

එසේ ඇමති ධුර ලබාගත් දෙදෙනෙකුට චන්ද්‍රසේන නම නොකියා චෝදනා කරන අතර එම දෙපළ ප්‍රසන්න රණතුංග හා රමේෂ් පතිරණ බව ආරංචිමාර්ග සඳහන් කරයි.