23.9 C
Colombo
Sunday, February 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂ පවුලේ රහස් සාකච්ඡාවක්

රාජපක්ෂ පවුලේ රහස් සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (25) රාත්‍රියේ පවත්වා ඇතැයි ආරංචිමාර්ග පවසයි.

එහිදී රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර මෙම සාකච්ඡාව අද (26) මැදියම් රැය වන තෙක්ම පැවති බව දැනගන්නට ඇත.