― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති හා වනජීවි ඇමති අතර මත ගැටුමක්

ජනපති හා වනජීවි ඇමති අතර මත ගැටුමක්

අන්තර්වාර හෝ පරිවාර් ආණ්ඩු බිහි කිරීම සඳහා තමන් කැමැත්ත නොදෙන බව වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය විමලවීර දිසානායක අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැඳවා තිබූ සාකච්ඡාවට එක්වෙමිනි.

තමන් මෙන්ම පොදු ජන පෙරමුණේ බහුතර පිරිස් පාර්ලිමේන්තු පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය පෙන්වමින් බවත් එම නිසා තමන් තවදුරටත් කැපවෙන්නේ පොහොට්ටුවේ ආණ්ඩුවක් සෑදීමට බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත්තේ අන්තර්වාර පාලනයක් බිහි කිරීම හා එහි ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමට පැමිණි ලෙසයි.

අන්තර්වාර පාලනයක් බිහි කරන බව ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් වෙත දැනුම් දී තිබේ.