― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහොර හැත්ත ඇල්ලීමේ වගකීම සරත් ෆොන්සේකාට බාරදෙනවා - සජිත් ප්‍රේමදාස

හොර හැත්ත ඇල්ලීමේ වගකීම සරත් ෆොන්සේකාට බාරදෙනවා – සජිත් ප්‍රේමදාස

තම රජයක් යටතේ ජාතික ආරක්ෂාව හා හොරු අල්ලන වගකීම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන බවත් අප රට බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණේ ජාතික ධනය හොරා කාපු නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාගමනට එක්වෙමිනි.

අද අපේ රට ලෝකයා හඳුන්වන්නේ බංකොලොත් රටක් හැටියට. අපේ රට බංකොලොත් වුණේ වෙන මොකවත් නිසා නෙවෙයි රටේ ජාතික ධනය හොරාකාපු නිසා. මම එදා ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන වැඩසටහනයි අපි බාරදෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකෙ කිසිම වෙනසක් නැහැ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යනකොට සමාජ මාධ්‍යවල බොරු දාලා, එකක් එක අය අවුස්සලා, ප්‍රශ්න ඇති කරන අය ඉන්නවා. මාව මගේ පක්ෂේ කාත් එක්කවත් කොටවන්න කාටවත් බැහැ. හැබැයි මම එකක් කියනවා. දියුණු රටක හොරු අල්ලන්න තනියෙන් හිටගන්න පුළුවන්, ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවෙන, ප්‍රබුද්ධ, ප්‍රශස්ත රාජ්‍ය ආයතන ස්වාධීන ලෙස පිහිටවන්න ඕනෙ. ඒ දූෂණ, වංචා මැඬලන්න ඒ ආයතන පාර්ලිමේන්තුවේ අණ පනත්වලින් වෙනස් කරන්න බැරි ආකාරයට සකස් කළ යුතුයි. ඒකට තුනෙන් දෙකෞත් ඕනේ. ජනමත විචාරණයකුත් ඕනේ. මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කරපු ඒ වීරෝධාර රණවිරුවට අපි බාර දෙනවා. මේ රටේ මහජන දේපළ හොරාකාපු, සූරාකාපු ඒ හොරු කණ්ඩායම, හොර හැත්ත අධිකරණය ඉදිරියට ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික, පවුම් ටික, මහජන දේපළ ආපහු ජනසතු කරන යුගය නැවත බිහි කරනවා. බංකොලොත් වේච්ච පොහොට්ටුකාරයෙක් පෙරේදා එකක් කියල මගෙන් අහගත්තා. සමගි ජන බලවේගයේ කාටවත් පුද්ගලික ඩීල් නෑ. එකම එක ඩීල් එකක් තියෙනවා. ඒ මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව සමඟ සමාජ ගිවිසුමයි.