25.6 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී

ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වාසුදේව නානායක්කාර යනු මාක්ස්වාදයත් පාවා දුන් අයෙක් වන අතර දැන් ඔහු කළ යුත්තේ ඔළුව පරීක්ෂා කර ගැනීම බවත් මනෝ ගනේෂන් එහිදී ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස ආණ්ඩුව සමඟ වූ එකඟතාවක් නිසා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන නොඑන බවට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කර තිබුණු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.