― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා පාර්ලිමේන්තුවට

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා පාර්ලිමේන්තුවට

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 04 වැනි බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඵැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“අනිවාර්යයෙන්ම 04 වැනිදාට අපි විශ්වාසභංගය ගේනවා. ලබන 04 වැනිදා නිල වශයෙන්ම විශ්වාසභංගය කථානායකවරයාට භාරදෙන්න අපි කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කළා. අපි සූදානම් අන්තර් කාලීන ආණ්ඩුවකට ගිහින් ඉතා ඉක්මනින් මැතිවරණයක් තියලා මේ රටේ බලය කාටද කියන කාරණාව ජනතාවට තෝරගන්න දෙන්න. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්න කල් අපි අන්තර්වාර පාලනයකට නැත්නම් එවැනි සහයෝගයක් දීමට සූදානමක් නෑ.”