― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalයෝෂිතගේ වත්කම්, බැරකම් පිළිබඳ ෆයිල් එකකුත් එළියට

යෝෂිතගේ වත්කම්, බැරකම් පිළිබඳ ෆයිල් එකකුත් එළියට

ජාතික ජනබලවේගය අද (03) සංවිධානය කළ වංචා සහ දූෂණ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ මාධ්‍ය හමුවේදී යෝෂිත රාජපක්ෂගේ ඉඩම් පිළිබඳවද ලිපි ගොනුවක් හෙළිදරව් කළේය.

සිරිබෝපුර කැලය : ඔප්පු අංකය 4129 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් .05 වන අතර මිලදී ගත් මුදල රුපියල් මිලියන 1.6යි.

සිරිබෝපුර කැලය : ඔප්පු අංක 4130 රුපියල් මිලියන 1.6 කට මිලදී ගෙන තිබෙනවා.

ඕ.බී ට්‍රක් රථය රුපියල් මිලියන 80යි.

බත්තරමුල්ල ලිපිනයේ සී.එස්.එන් නාළිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200ක්.

පී.වී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ රෙජිස්ටර් කර ඇති 336/ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා ඇති එයිට් කාල්ටන් ස්පෝර්ට් ආයතනය සතු සියලුම චංචල හා නිෂ්චල දේපළ සහ විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත මිලියන 225යි.

නීතිඥ, ප්‍රසිද්ධ නොතාරිස් ඩී.එස්.බී පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ 219/01 දරන ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ පිහිටි ඉඩම් කැබැල්ල මිලියන 135යි.

2014/02/03 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම.

2014/05/11 දින මිලදී ගන්නා ලද 4133 දරණ ඉඩම ආදි ලෙස ඉඩම් තිස් එකකට ආසන්න ප්‍රමාණයක් ඇති බව අනුර කුමාර දිසානයක විසින් මෙහිදි හෙළි කරනු ලැබීය. ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් මෙම ඉඩම් ඇති බව අනුර කුමාර එහිදී සඳහන් කළේය.