ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.
දැනට පවතින අයවැය තවදුරටත් යථාර්ථවත් නැති බවත් එම නිසා ඉතා ඉක්මනින් අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
” හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි.ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි”යනුවෙන්ද අලි සබිරි මහතා සඳහන් කළේය.”