30.6 C
Colombo
Saturday, May 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන දුකයි

විපක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන දුකයි

නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කරන අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන නොගැනීම අර්බුදය හේතුවෙන් පාරට බැස දුක් විඳින ජනතාවගේ සටන පාවාදීමක් ලෙස තමා දකින බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී නව නියෝජ්‍ය කථානායක ලෙස තේරී පත්වීමෙන් පසු අදහස් දක්වමිනි.

මම පැහැදිලි කළ යුතුයි ඇයි මම මේ තනතුරින් ඉල්ලා අස්වුනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තමන් දැරු තනතුරු වලින් ඉල්ලා අස්වීමක් සිදු වූවා. එතනින් නැවතුනේ නෑ. ඔවුන් ස්වාධීන කණ්ඩායමක් බවට පත්වුවා. ඉන්පසු විපක්ෂයේ කණ්ඩායමක් බවට පත්වුණා. මම දැරූ තනතුර ස්වාධීන තනතුරක් බැවින් ඒ කණ්ඩායම අනුව මම අයින් විය යුතු නෑ කියන මතයක් තිබුණා. මාව යොජනා කරලා පත් කළේ ආණ්ඩු පක්ෂය. ඒ නිසා මට අවශ්‍ය වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සහ අනෙකුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ගත්ත තීරණ තවත් ශක්තිමත් කරන්න. ඔවුන් පෙන්වා දෙන්න උත්සහ කළේ රජයට මේ රටේ තිබෙන බැරුරුම් ආර්ථික අර්බුදය, සමාජමය අර්බුදය, දේශපාලනික අර්බුදය සහ පාරේ දුක් විඳින මිනිස්සුන්ගේ අර්බුදය. මේක පෙන්වා දෙන්න තමයි දැනෙන සංඥාවක් තමයි මේ මන්ත්‍රී කණ්ඩායම ලබා දුන්නේ.

දැන් නැවත වතාවක් මගේ නම යෝජනාවීම පිළිබඳ තිබුණු තත්ත්වය තමයි විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් මාව යෝජනා වී ස්ථිර වෙන කතාවක් තමයි අද උදේ 10 වෙනකනුත් තිබුනේ. මට අවශ්‍ය වුනේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න.

ඒත් මම කණගාටු වෙනවා. විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කණගාටුව මම ප්‍රකාශ කරනවා. විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ අර්බුදකාරී අවස්ථාවේ පාරට බැහැලා දුක් විඳීන මිනිස්සුන්ගේ සටන පාවාදීමක් හැටියට මම දකින්නේ. ඒ වගේම අපේ ස්වාධීන වීම, විපක්ෂයට යෑම අද තත්ත්වය නිසා කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ. අද තත්ත්වය ප්‍රබල කාරණයක් ලෙස සලකන්න.