31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායකගේ නිවසත් වටලයි

විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායකගේ නිවසත් වටලයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශ්වාසභංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශ්වාසභංගය එලෙස කල් නොදැමිය යුතු බවත් එය විවාදයට ගැනීම සඳහා ඉක්මනින් දිනයක් ලබා දෙන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට විරුද්ධව තිබෙන විශ්වාසභංගයට ඉඩ දුන්නේ නැතහොත් කතානායකවරයාගේ නිවසත් ජනතාව වටලනු ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේය.