26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්ඡා කළා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්ඡා කළා – දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් නිශ්චිත කාලයකට පසුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩව යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බවත් මේ වන තෙක් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට නොහැකි වූ බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.