― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොදුජන යහපත උදෙසා ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් - අගමැති කියයි

පොදුජන යහපත උදෙසා ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් – අගමැති කියයි

තමාගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණ දී අභියෝග ජය ගැනීම බවත් අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් තමාට නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ පැවසීය.

අග්‍රාමාත්‍යැවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) අරලියගහ මන්දිරයට රැස්ව සිටි විශාල පිරිසක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැවූ අග්‍රාමාත්‍යවරයා කියා සිටීයි තමාව දේශපාලනයට ගෙනාවේ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය බවත් ජනතාව ගන්න ඕනෑම තීරණයකට තමා සූදානම් බවත්ය.

මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා. ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්. රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්. මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය. මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.

පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම. ඔබ සැමට සුබ අනාගතයක්.