හරින් ප්රනාන්දු මන්ත්රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද රාත්රියේ සිට තමන් අරගල භූමියේ රැය පහන් කරන බවයි.
” සියළු පාට පක්ශ බේද අවසන් කරමු, සැබෑ ජන අරගලය වෙනුවෙන් අද රාත්රී හතේ සිට අප සැවොම එක්වෙමු. අද සිට මා රැය පහන් කරනුයේ ගෝඨා ගෝ ගම අරගලය භූමියෙයි. සජබෙ ඇතුළු සියළු පක්ශ වල අප සැම එන්න අපි එක්ව ජය ගමු.
විපක්ශයේ සියළු පක්ශ නායකයිනි. දැන්වත් එකතු වෙයව් ! මේ සටන ඇත්තේ ම්ලේච්ඡත්වය ඉහවහ ගිය දූශිත පවුල් පාලනයක් සමඟය. දැන්වත් එය තේරුම් ගනිල්ලා, නැත්නම් මේ නින්දිත ශාපයට අපද වගඋත්තරකරුවන් වනු නොවනුමානය. “