26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් හෙට අගමැති ධුරයේ දිවුරයි?

රනිල් හෙට අගමැති ධුරයේ දිවුරයි?

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

ඒ අනුව හෙට (13) රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකි වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සිංහල, දමිළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක් ඉදිරිපත් වී ඇති බව සඳහන්ය.

ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර හදිසි සාකච්ඡාව පැවැත්විය.