27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

ප්‍රචණ්ඩත්වය සහ වෛරය පැතිරවීමට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කළ සියලු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු සිය ට්විටර් සටහනෙන් දක්වා තිබේ.

පසුගිය 09 වැනිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම පරීක්ෂණයක් සඳහා තමා පෞද්ගලිකව පූර්ණ සහයෝගය ලබා දෙන බවත් තමාට හෝ තම පියාට රටින් යන්නට අදහසක් නොමැති අතර එමනිසා දිගටම මෙහි රැඳී සිටින බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.