― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalහර්ෂගෙන් මහබැංකු අධිපතිවරයාට ඉල්ලීමක්

හර්ෂගෙන් මහබැංකු අධිපතිවරයාට ඉල්ලීමක්

රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමට තම පාර්ශ්වය පැය 24 තුළම වෙහෙසෙන බවත් එතෙක් මහබැංකු අධිපතිවරයාට ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඊයේ (11) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සති දෙකක කාලයක් තුළ දේශපාලන අර්බුදය නොවිසඳුනහොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේය.

“මහ බැංකු අධිපතිවරයා කිව්වා ආර්ථිකය අසාද්‍ය තත්ත්වයේ තියෙන්නේ කියලා. ඒ වගේම ඔහු ඉල්ලා අස්වෙන්නත් යනවා කියලා අනතුරු ඇඟෙව්වා. මහ බැංකු අධිපතිවරයාට මට කියන්න තියෙන්නේ… කරුණාකරලා ඔබතුමා ඉවසීමෙන් වැඩ කරන්න. අපි පැය 24ම උත්සාහ කරනවා මේ දේශපාලන අර්බුදයට විසඳුමක් හොයන්න.”