ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිඳු අමාත්‍ය ධුරයක් බාර නොගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසත් සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර අවධාරණය කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාමකාමී විරෝධතා කරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම් වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.