― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනව අගමැතිට සහය දක්වන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසි කීපයක්

නව අගමැතිට සහය දක්වන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසි කීපයක්

පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් තම කොන්දේසිවලට එකඟ වන්නේ නම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහය ලබා දීමට සූදානම් බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහුගේ එම නිවේදන්යෙන් දක්වා ඇති ඉල්ලීම් වන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ රඳවා සිටින හමුදා නිලධාරීන්ගෙන් අඩක් ඉවත් කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක පුරාවිද්‍යා කොමිසම අහෝසි කිරීම යන කරුණුයි.

එම මූලික කොන්දේසිවලට අමතරව මෙරට ජීවත් වන දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් ස්ථාපිත ආණ්ඩුවක් කටයුතු කරන්නේ නම් එම ආණ්ඩුවේ ඇමති ධුර දැරීම පිළිබඳව වුවද සලකා බැලිය හැකි බවත් හෙතෙම එම නිවේන්දනයෙන් දක්වා තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන අතර එය වැඩි කාලයක් වැය නොකර ඉතා කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බව විග්නේශ්වරන් අවධාරණය කරයි.

එම ගැටලු කෙසේ වුවත් තමන් ඇතුළු දෙමළ දේශපාලන නියෝජිතයන් නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට සහයෝගය ලබා දෙන්නේ නම් එය කොන්දේසි සහිත වනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

සිර දඬුවම් නියම වී ඇති දෙමළ දේශපාලන සිරකරුවන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමටත් සහා මේ වනවිටත් නඩු ගොනු කර ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ එම නඩු සියල්ල ඉල්ලා අස්කරගෙන ඔවුන් නිදහස් කිරීමත් කළ යුතු බවයි. යුද්ධය අවසන්ව වසර 13ක කාලයක් ගත වුවත් තවමත් උතුරේ ලක්ෂයකට අධික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටින බව සහ ඔවුන් අඩක් පමණ එම ප්‍රදේශවලින් ඉවත් කළ යුතු බවද විග්නේෂ්වරන් පෙන්වා දෙයි.