― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ අද ඉන්නේ කළකිරුණු මානසිකත්වයෙන්

මහින්ද රාජපක්ෂ අද ඉන්නේ කළකිරුණු මානසිකත්වයෙන්

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ආරක්ෂක නිවාසයක රැඳී සිටින මහින්ද රාජපක්ෂට තමා නිරන්තරයෙන් දුරකතනය ඔස්සේ කතා කළ බව උදයංග වීරතුංග පරකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලයට ගිය පසු අවශ්‍ය තොරතුරු ලබා දීමට දුරකතනයෙක් කතා කළ බවත් මහින්ද රාජපක්ෂ අද සිටින්නේ කළකිරුණු මානසික තත්වයෙන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කරන තැනට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වටේ සිටින කණ්ඩායම බවත් ඔහු එම වැඩසටහනේදී අවධාරණය කළේය.

පසුගිය 09 වැනිදා තමා සිටියේ අගමැතිවරයා සමඟ බවත් එදා අරලියගහ මන්දිරයට පැමිණි පාක්ෂිකයින් කිසිදු ලෙසක ගෝල්ෆේස් යාමේ සූදානමක් නොතිබුණු බවත් සඳහන් කළ උදයංග වීරතුංග පවසා සිටියේ ගෝල්ෆේස් සිද්ධිය සිදු වීමට උත්තේජනය ලැබුණේ කොහෙන්ද යන්න සොයාබැලිය යුතු බවයි.