― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇයි මට මෙහෙම කළේ? - බන්දුල පාර්ලිමේන්තුවේදී අසයි

ඇයි මට මෙහෙම කළේ? – බන්දුල පාර්ලිමේන්තුවේදී අසයි

තමා උගුරට ලේ රහ දැනෙනකම්, මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට බුද්ධිය බෙදා තිබෙන බවත් පුද්ගලිකව තමා සතු දේත් පරිත්‍යාග කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී තම ගෙට ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අතිශය සංවේදී කතාවක් සිදු කළේය.

“මගේ ගේ ගිනි තිබ්බා. මම ගින්නෙන් පස්සේ කල්පනා කරනවා මම මොකක්ද මේ රටට අපරාධයක් කරලා තියෙනවද කියලා. මම උගුරට ලේ රහ දැනෙනකම්. මේස් බැනියමට දාඩිය උණනකම් ලක්ෂ 3කට වැඩිය මිනිස්සුන්ට මගේ බුද්ධිය බෙදලා තියෙනවා.

අපි මේ රටට ගෞරවයක් වෙන ලෙස හැසිරිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප අරන් නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට බැර කරලා තියෙනවා. අපේ අම්මා සමාජ සත්කාරක වැඩපිළිවෙළට පරිත්‍යාග කර තිබෙනවා.

මගේ සංසාර ගමනේ කිසි දවසක ඇමති නිල නිවසක ජීවත් වෙලා නෑ. මම හැමදාම ඉඳලා තියෙන්නේ මම හදාගත්ත ගේ තුළ. ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙස ‘නිව්ස් පේපර්’ හදපු මට ඩොලර් තෑග්ගක් ලැබුණා. අපි රටට ගෞරවයක් ගෙනත් තියෙනවා.

මහින්ද රාජපක්ෂ යුගයේ අධ්‍යාපනය වෙනස් කරලා, තාක්ෂණය විෂය ඇති කරලා තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය වගේ විෂයධාර ඇති කරලා මේ අනාගයතය නිර්මාණය කරන්න කටයුතු කරන දරුවන් වෙනුවෙන් මගේ ගෙදර තියෙන මුදලින් ලක්ෂ 100ක් දීලා ප්‍රඥා බන්ධු ශිෂ්‍යත්ව අරමුදල කියලා අරමුදලක් හදලා අද ලක්ෂ 333ක් ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා මේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන්න.

පුද්ගලිකව අපේ තියෙන දේ පරිත්‍යාග කළා. අපි අවුරුදු ගණනාවක් ආදායම් බදු ගෙවනවා. රිසිට් පත් ඉදිරිපත් කරන්න පුළුවන්. බදු ගෙවන අය විදිහට රටට ණය නැති මිනිස්සු ලෙස රටට මොනවා හරි එකතු කරන්න හදපු මිනිස්සු.

මෙහෙම කිසිම ඇගයීමක් තක්සෙරුවක් නැතිව, මම එක දෙයක් ගැන ස්තූතිවන්න වෙනවා චූටි මල්ලිලාට මම පොත්පත් 51ක් විතර ලියලා තියෙනවා. මගේ ගෙදර වටිනා පුස්තකාලයක් තියෙනවා. පුස්තකාලයට ගිනි නොතිබ්බ එක ගැන මගේ ගෞරවය හා ස්තූතිය පුද කරනවා.

මොකද ඔවුන්ගෙම විශ්වවිද්‍යාලයට තමයි මම ඒක පරිත්‍යාග කරන්නේ. ජයවර්ධනපුර අපේ විශ්වවිද්‍යාලය. ඒක නිසා මම අපේ පුංචි මල්ලිලාට සතුටු වෙනවා අනිත් මල්ලිලාට පාවිච්චි කරන්න ඒ පොත්ටික ඉතිරි කිරිම සම්බන්ධයෙන්.”