― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical21 ගෙනාවේ නැත්නම් අද රෑම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - හරීන්

21 ගෙනාවේ නැත්නම් අද රෑම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා – හරීන්

අද දිනයේදී කැබිනට් මණ්ඩලයට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොගෙනාව හොත් තමා ආණ්ඩුවෙන් ඉවත් වීමේ ස්ථාවරයක සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) උදෑසන අමාත්‍ය ධූරයේ වැඩ බාර ගත් අවස්ථාවට එක්වෙමිනි.

කවුරු ගේම් ගහන්න හැදුවත් අරගලයේ ඉල්ලීමක් තියෙනවා 21 ගේන්න කියලා. ස්වාධීන කොමිසම් සභාවලට 19 යන එක. මේ රට නැවත වතාවක් ස්ථාවර වෙලා ප්‍රජාතන්ත්‍රණය අගයන රටක් බවට පත්වෙන්න නම්, විශේෂයෙන්ම එය විය යුතුමයි. කැබිනෙට්ටුවට දාලා එය සම්මත වුණාට පස්සේ, ඒක පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ජනතාවගේ හඬට කන්දෙයි කියලා.

සංචාරක ව්‍යාපාරය නැවත වතාවක් පණ ගන්වන වැඩසටහනක් මේ මොහොතේ වනවිටත් ඊයේ රාත්‍රී වනවිටත් ලංකාවේ ඉන්න විශාරදයන් සියලුදෙනා මුණගැහිලා කෙටි කාලීනව සංචාරකයින් ලංකාවට 10,000 – 15,000ක් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලකට අපි යොමුවෙලා තියෙනවා.

මම විශ්වාසයෙන් ඉල්ලීමක් කරනවා හැමදෙනාගෙන්ම. මේක ඔටුන්නක් නෙමෙයි. කටු ඔටුන්නක්. මේක ඇවිල්ලා සුසයිඩ් මිෂන් එකක්. අපි දේශපාලනය කරපු පක්ෂ, ගම් සියලු දේ අමතක කරලා, බැනුම් අහගෙන චෝදනා අහගෙන රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කළ දෙයක්. විශ්වාස කරනවා අපි එකතු වෙමු රටක් විදියට. තනතුරුවලට බෙදෙන්නේ නැතුව සියලුදෙනාම එකතුවෙන්න කියලා ආයාචනයක් කරනවා.

සජබයේ සමහරු අහනවා කොහොමද රෙද්දක් ඇඳන් ගිහින් ඇමතිකම භාරගත්තේ කියලා. පැහැදිලිව කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් අගමැතිකම ගන්නම් කිව්වා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම ගන්නේ කාගෙන්ද? මගෙන්ද? නෑනේ. එතුමාට ගන්න වෙන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්. බොළඳ ප්‍රශ්න නෙමෙයි මේ රටේ ප්‍රශ්නය ගැන හිතමු. මගේ හෘද සාක්ෂියට ඒක විරුද්ධයි. ඒත් මම මේ වෙලාවේ ගත්තේ, නිර්පාක්ෂික ආණ්ඩුවකට මගේ පක්ෂයෙන් ස්වාධීන වෙලා තියෙන මොහොතක ගත්ත තීරණයක්. ඒක ගැන ආඩම්බරයි.