― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් අගමැති වීම සම්පූර්ණයෙන්ම ගෝඨා ගෝ හෝම් අරගලය පාවා දීමක් - තිස්ස

රනිල් අගමැති වීම සම්පූර්ණයෙන්ම ගෝඨා ගෝ හෝම් අරගලය පාවා දීමක් – තිස්ස

හිටපු ඇමතිවරුන් නැවත නැවතත් පත් කිරීමෙන් රටේ ප්‍රශ්න් විසඳෙන්නේ නැති බව ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වටහා ගත යුතු බවත් රට කළ හැකි කණ්ඩායමකට රට භාරදී ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට බලකර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම සම්පූර්ණම ගෝඨා ගෝ හෝම් අරගලය පාවා දීමක් ලෙස අපි දකිනවා. මොකද ඔහු කිසිම කොන්දේසියක් නැතුව තමයි අගමැතිකම භාරගත්තේ. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පසුගිය සතියේ ගත්ත පියවර කිසිම දෙයක් ගැන සතුටු වෙන්න බැහැ. පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම් තුන්ගුණයකින් වැඩි වෙලා. ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ගැන සැලසුමක් ඉදිරිපත් කර නැහැ.

අඩුම ගානේ අගමැතිවරයා විදියට පත්වෙලා කැබිනට් ඇමතිවරු සමග මේ රටේ මූලික ප්‍රශ්න ටික හඳුනගෙන, ගෑස්, විදුලිය ,පොහොර,ඉන්ධන සහ ෆ්ඖෂධ ලබාදීමට කඩිනම් පියවර ගත යුතුයි. රටේ පවතින අති උද්ධමනය විසඳීමට වැඩපිළිවෙළක් නැහැ. ඇමතිවරු මාරු වුණත් ආණ්ඩුව නැවත අලුත් ආණ්ඩුවක් විදියට පිළිගන්න බැහැ.

අලුත් අගමැති වරයෙක් පත්වුණා අලුත් ආණ්ඩුවක් පත්වුණා ඒත් දේශපාලන ස්ථාවරභාවයක් විශ්වාසයක් විදේශ ශ්‍රමිකයන්ට, විදෙස් මුදල් එවන අයට ඇති වෙලා නැහැ. අගමැතිතුමා ඔහුගේ පිළුණු වෙච්ච ගෝලබාලයන් ගේ කමිටුවක් හදලා. එයට වජිර, සාගල, අකිල, රංගෙ බංඩාර වැනි අය පත් කරලා. තමන්ගේ අය ළඟට ගෙන රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කමිටුව නිසා කැබිනට්ටුව හෑල්ලුවට ලක්වෙනවා.”