― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේශපාලන අරමුණු ජයගන්න විමල්ගෙන් නව සන්ධානයක්

දේශපාලන අරමුණු ජයගන්න විමල්ගෙන් නව සන්ධානයක්

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බවත් ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරියේදී එන ‍දේශපාලන අභියෝග ජයගන්න, ඉදිරියේදී අපේ පක්ෂ එකමුතුවෙන් නිත්‍යානුකූල සන්ධානයක් පිහිටුවීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම රටේ මේ පවතින ආර්ථික අර්බුදයත්, ඒ ආර්ථික අර්බුදත් එක්ක ඇතිවෙමින් තිබෙන දේශපාලන සහ මනාව අපදාකාරී තත්ත්වයත්, පිළිබඳව ගැඹුරු අදහසක් ඇති කරලා. එතනින් ගොඩ එන්න රජය ගෙන යන ක්‍රියාදාමය පිළිබඳව මීට වඩා විපක්ෂයේ සිට මඟපෙන්වීමේ භූමිකාව සඳහා අලුත් වැඩසටහන් කිහිපයක් අපි ඉදිරියේදී ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. මේ තිබෙන අර්බුදකාරී වාතාවරණය යටතේ අපිට පරමාදර්ශී උත්තරයක් මේ අවස්ථාවේදී නිර්මාණ කරගන්න බැහැ. මොන උත්තරේ ලැබුණත් ඒකේ පොඩි අංගවිකල ස්වභාවයක් ඇතිවෙන එක පවතින යතාර්තය අනුව බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. නමුත් කිසිම පාලනක්, ආණ්ඩුවක් නැතුව රටක් අරාජික තත්ත්වයට වැටෙනවට වඩා යම් කිසි රාජ්‍ය පාලනයක් මේ රටේ පැවැතිය යුතුයි. හැබැයි මේ තියන පාලනය මගින් මේ තියෙන ආර්ථික ඇදගෙනයන්න හදනවානම් වෙනත් භාහිර බලවතුන්ගේ මනදොළ සපුරලාන දිශාවකට. එහෙම තත්ත්වයක් තිබෙනවානම් අපි ඒ ගමනකට කිසිම සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.