27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉන්ධන අර්බුදයට පරිසර ඇමතිගෙන් විසඳුමක්

ඉන්ධන අර්බුදයට පරිසර ඇමතිගෙන් විසඳුමක්

රටේ පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා තමාට මැදිහත් විය හැකි බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සෞදි අරාබියේ ඉන්ධන හා ඛනිජ සම්පත් පිළිබඳව කිං ෆහාඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන තමාට එම විශ්වවිද්‍යාලයේම උපාධිධාරියෙකු වන වත්මන් සෞදි අරාබියානු රජයේ ඛනිජ සම්පත් පිළිබඳ අමාත්‍යවරයා සමග සෘජුවම සම්බන්ධ වී අප රටේ ඉන්ධන අර්බුදයට විසදුම් ලබාගත හැකි මාර්ගයක් සකසා ගත හැකි බවයි.

ඒ තුළින් නුදුරු අනාගතයේදී රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගත හැකි බවත් ඔහු අවධාරණය කළේය.