29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද රාජපක්ෂ, DIG දේශබන්දු අධිකරණ නියෝග පැහැර හරියි

මහින්ද රාජපක්ෂ, DIG දේශබන්දු අධිකරණ නියෝග පැහැර හරියි

විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දී නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවසුවාය.

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඇය මේ බව පැවසුවාය.

එහිදී අනාවරණය වුණේ හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම ඇතුළු පිරිසක් මෙතෙක් අධිකරණයට සිය විදේශ ගමන් බලපත්‍ර භාරදීම සිදුකර නොමැති බවයි.

පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දී ඇති අතර සැකකාර සනත් නිශාන්තගේ විදේශ ගමන් බලපත්‍රය නඩු කටයුත්තක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයකට භාරදී ඇති බවත් එහිදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රේණුක පෙරේරා යන අය සිය විදේශ ගමන් බලපත්‍ර විනාශ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.