― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනව අයවැයෙන් බදු නැවතත් ඉහළට

නව අයවැයෙන් බදු නැවතත් ඉහළට

මෙවර අයවැය තුළින් නැවත බදු ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් පසු චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමක් සඳහා සාකච්ඡා කරන බවයි.

ජාත්‍යන්තර අරමුදල සමඟ පැවති අවසන් වටයේ සාකච්ඡා සඳහා ඊයේ මා එක්වුණා. ඔවුන් ලබාදුන් යෝජනා අපට අනුමත කිරීමට හැකිවුවත් එහි එක් ප්‍රශ්නයක් පවතිනවා. ඒ IMF එකට අවශ්‍යයි 2025 වන විට අපගේ අයවැය තුළින් 2%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම හෝ ඉක්මවා යෑමට. නමුත් වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී 2023 වසර ලෝක ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට සුදුසු තත්ත්වයක් නැහැ. ඒ නිසා මම යෝජනා කළා, 1%ක ප්‍රතිශතයක ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යාම අපගේ ඉලක්කය වන බව අපි සාකච්ඡා කළ ප්‍රධාන ගැටලුව වන්නේ එයයි. එමෙන්ම ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමට අවධානය යොමුකරන බව මම ප්‍රකාශ කළා. මෙම ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම තුළින් අපට ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ලබාගත හැකි වනවා. මොකද එක දවසක් එනවා අපි ලබාගත් සියලු විදේශ ණය පියවීමට. අපිට ඉපැයීම ආරම්භ නොකළොත් අපි තවදුරටත් ණය තුළ සිරවෙනවා. ණය ගෙවීම නොහැකි තත්ත්වයක් නැවත උදාවෙනවා. අපි අපගේ ක්‍රමවේදයන් සහ ආර්ථික වැඩපිළිවෙල වෙනස් කළ යුතුයි.

නැවත බදු ඉහළ දැමීමක් සිදුවෙනවා. අපි නැවත එය සිදුකරනවා. නමුත් අයවැයේ ප්‍රධාන ඉලක්කය අපගේ වියදම් කපා හරිනවා. සෞඛ්‍ය සේවයේ, අධ්‍යාපන සේවය හැර. එම කපා හැරීම තුළින් එම මුදල් අපිට සමාජ සුබසාධනය සඳහා යොමුකළ හැකියි. මේ ආර්ථික අර්බුදයෙන් විශාල පිරිසක් පීඩා විඳිනවා. ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන් මට තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ තරහ මට දැනෙනවා. සමහරක් අයට එක් වේලක් සපයගන්න බැහැ.

IMF සාකච්ඡා අවසන් කළ පසු අපි චීනය සමඟ කතාකරන්න සූදානම්. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මෙය අවසන් වන තෙක් අපි සිටිය යුතුයි. ඇත්තටම අප ණය උගුලක නැහැ. චීනය සහ ජපාන ණය ප්‍රතිශතයන් සමාන වුවත් චීනයට ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ඉහළයි.