26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැතිගෙන් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

අගමැතිගෙන් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යපෘති යටතේ සලසා ගනු ඇත.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහජනතාවට මුහුණපෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂයේ ආරම්භයේ දී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දුන් අතර ඒ සඳහා ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.