― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමහින්දව අද මානව හිමිකම් කොමිසමට නොකැඳවයි

මහින්දව අද මානව හිමිකම් කොමිසමට නොකැඳවයි

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හා වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බැවින් ඔහු අද කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර ඇත.

සියලු ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම පවසයි.