― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි

ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණයි

ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන පක්ෂ නවයේ නායකයන් විසින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් විය යුතු ප්‍රධාන සංශෝධන 07ක් සහිත යෝජනා මාලාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබේ.

පක්ෂ නායකයන්ගේ අත්සනින් යුතු මෙම යෝජනා මාලාව ඊයේ (01) අගමැතිවරයා හා අධිකරණ ඇමතිවරයා වෙත බාර දී තිබේ.

එම යෝජනා අතර ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවට වන යෝජනාව ඔවුන් ප්‍රධාන කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී යම් සංශෝධනයක් සිදු කළහොත් එම පනතට කථානායකවරයා අත්සන් කොට මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක්කළ හැකි විය යුතු බවද අදාළ යෝජනාවලියට ඇතුළත් කළ යුතු බවත් එහි වැඩිදුරටත් දක්වා තිබේ.

එසේම ඕනෑම විදේශීය ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් අත්සන් තැබීමට පෙර ඒවාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් එම යෝජනාවලියේ අන්තර්ගත වෙයි.