හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වෙයි.
උදය ගම්මන්පිල මාධ්‍යයට දක්වන අදහසකට ප්‍රතිචාර දැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මෙම දුරකතන ඇමතුම ලබා දී තිබේ.
තවමත් ආණ්ඩුවේ බලය තිබෙන්නේ අවලස්සන ඇමරිකානුවාට බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ තමා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ පොහොට්ටුවට බවත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටු නායකයා බැවින් ඔහු තවමත් පොහොට්ටුව මෙහෙයවන බවයි.