― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරුසියන් යානයේ නඩු තීන්දුව භාර දුන් පිස්කල්ට එරෙහිව විජේදාස නඩු මගට

රුසියන් යානයේ නඩු තීන්දුව භාර දුන් පිස්කල්ට එරෙහිව විජේදාස නඩු මගට

එරෝෆ්ලෝට් ගුවන්යානය රුසියාව බලා පියාසර කරවීම වළක්වන ලෙස දන්වමින් කටුනායක ගුවන්යානා පාලක මැදිරියේ ප්‍රධාන පාලක නිලධාරීවරයාට තර්ජනය කළ බව කියන නීතිඥවරයාට හා අධිකරණ පිස්කල්වරයාට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

මෙම නීතිඥවරයා හා අධිකරණ පිස්කල්වරයා ඉහත සඳහන් කළ ගුවන් පාලක ප්‍රධාන නිලධාරීවරයාට තර්ජනය කළ බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර ඊට අදාළ වාර්තා ඉදිරි දින දෙක තුළදී ගෙන්වා ගෙන එම දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විජේදාස රාජපක්ෂ කියා සිටියේය.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට වන අතර ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ගුවන්යානය පියාසර කරවීම වැළැක්වීමට පියවර නොගතහොත් අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන බවට අදාළ වී භික්ෂුවරයා හා පිස්කල්වරයා ගුවන් පාලක නිලධාරිවරයාට තර්ජනය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රජයට හැකියාවක් නොමැති නමුත් නිල වශයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබෙන නිසා නීතිපතිවරයා මගින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම නිසා ගුවන් යානය පියාසර කර වීමට අත්හිටුවා තිබූ වාරණය ඊයේ (06) ඉවත් කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම නියෝගය ලබා දීමේදී අධිකරණයෙන් කිසියම් අඩුපාඩුවක් සිදුව ඇති බව අධිකරණය පිළිගත් බවද ඒකපාර්ශවික වාරණ නියෝගය දෙනවිට අධිකරණය මීට වඩා දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බවද රටේ පිළිගත් නීති පද්ධතිය අනුගමනය කළේ නම් එවැනි තත්වයක් උද්ගත වීමට ඉඩ නොතිබුන බව හෙතෙම පවසයි.