30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙරට ආර්ථිකය ගැන අගමැතිගෙන් සුබ පණිවුඩයක්

මෙරට ආර්ථිකය ගැන අගමැතිගෙන් සුබ පණිවුඩයක්

එළැබෙන සැප්තැම්බර් මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගැනීමට රජය මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තමන් විසින් ඊයේ (07) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය දැනුවත් කළ බවයි.