― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඡන්දෙ දීපු අයත් මේවට වගකියන්න ඕනේ - බැසිල් රාජපක්ෂ

ඡන්දෙ දීපු අයත් මේවට වගකියන්න ඕනේ – බැසිල් රාජපක්ෂ

මේ වන විට ඉන්දියාව ඇතුළු රටවල්වලින් ලබාදෙන ආධාර ලැබෙන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් සිදුකළ කටයුතු නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් එනවිට මෙරට විදේශ සංචිතයක් මෙරට නොතිබූ බවත් 1951 සිට පැවති ආර්ථික ක්‍රමය මෙම තත්ත්වයට හේතුව බව පවසන බැසිල් රාජපක්ෂ තමන්ට හැකි ආකාරයෙන් රට වෙනුවෙන් කළ හැකි සියලුදේම සිදුකළ බව සඳහන් කළේය.

තමන් දැන්ම විදෙස්ගත නොවන බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට එක් හේතුවක් වූයේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව පැනවෙන නීතිය නිසා බවත් බැසිල් රාජපක්ෂ මෙහිදී කියා සිටියේය.

රාජ්‍ය පාලනය හා දේශපාලනය යනු දෙකක් බවත් තමන්ට වැඩි හැකියාවක් ඇත්තේ රාජ්‍ය පාලනයට වඩා දේශපාලනයට බව දැන් අවබෝධවී ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පවතින තත්ත්වයට සියලුදෙනාම වගකිව යුතු බවත් තම පක්ෂයට බලය ලබාදීම සම්බන්ධයෙන් ජනතාවත් වගකිව යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.