― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical21 සම්මත කරගැනීම තවදුරටත් කල් යයි

21 සම්මත කරගැනීම තවදුරටත් කල් යයි

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගැනීම තවදුරටත් කල්දමා ඇති බව වාර්තා වෙයි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් තවදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය බවයි.

ඒ හේතුවෙන් ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩලයේදී එය සම්මත කර නොගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.