― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තමිල්නාඩුවෙන් ආනයනය කෙරේ

පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තමිල්නාඩුවෙන් ආනයනය කෙරේ

ඉන්දියානු ණය ආධාර යටතේ හිමි වූ රුපියල් බිලියනයක මුදලින් රුපියල් මිලියන 65ක් වැය කර පෙළපොත් සහ අභ්‍යාස පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ඉදිරි සති තුනක කාලය ඇතුළත තමිල්නාඩුවෙන් ආනයනය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි, තීන්ත ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කර අදාළ තොරතුරු වෙළෙඳ අමාත්‍යංශයට, භාණ්ඩාගාරයට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට මේ වන විට දැනුම් දී අවසන් බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඇඹිලිපිටියේ සහ වාලච්චේන කර්මාන්තශාලාවල කලකට ඉහතදී කඩදාසි නිෂ්පාදනය සිදු වුණත් මේ වන විට අදාළ ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට සිදුව ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග මේ වසරේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බවත් පැවති උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර දිවයින පුරා සමීක්ෂණයක් සිදු කොට අදාළ විෂය නිර්දේශ අවසන් කොට ඇති ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඒ අනුව ප්‍රශ්න පත්‍ර සැකසෙන බවයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී විශේෂ වැඩමුළු දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වා මඟ හැරුණු අධ්‍යාපනය යළි ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.