පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසයි.
අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදීය.
මන්ත්රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.