― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති හදිසියේම පොහොට්ටු මන්ත්‍රීන් කැඳවයි!

ජනපති හදිසියේම පොහොට්ටු මන්ත්‍රීන් කැඳවයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (20) පස්වරු 5.00ට ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා තිබේ.

ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

යෝජිත විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයක් තවම නොමැති නිසා පක්ෂ නායකයන්ගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර ඇති අතර කඩිනමින් එම පක්ෂවල සංශෝධන ඉදිරිපත් කර වහාම කැබිනට් මණ්ඩලයට අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ කණ්ඩායම වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සතිය තුළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.