― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමති නිමල්ගේ වාරණ නියෝගය දිගුවෙයි

ඇමති නිමල්ගේ වාරණ නියෝගය දිගුවෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් නෙරපා හැරීම වළක්වාලමින් නිකුත් කර තිබූ නියෝගය අනිද්දා (22) දක්වා දීර්ඝ කර තිබේ.

කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේ අමාත්‍යවරයා ගොනු කළ පෙත්සම අද (20) යළිත් සලකා බැලූ අවස්ථාවේදීය.

පක්ෂයේ තීරණයට පටහැනිව යමින් ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට කටයුතු කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට තීරණය කළ බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එම තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සම අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය හමුවේ කැඳවා තිබිණි. විනිසුරුවරිය නියෝග කළේ ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කළ නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමටයි.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වය සමඟ සාකච්ඡා කරන බවයි. එසේ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ නොවන්නේ නම්, වාරණ නියෝගය දීර්ඝ කිරීමට විරෝධය පළ කරන බවද නීතිඥවරුන් පවසා තිබේ.