― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

ලාංකිකයන්ගේ ක්‍රිකට් මහ ගෙදර හෙවත් කෙත්තාරාම ක්‍රීඩාංගණය (R.Premadasa Stadium) ඉඳිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳව අද නවක පරපුර දැනුවත් කිරීම වැදගත් යයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවකට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස නිල සංචාරයක් සඳහා Australia බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට ‘පර්ත්’ ක්‍රීඩාංගණයේ පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාවක් හිමිවෙනවා.


එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඔහුට දැඩි ආශාවක් ඇතිවූ අතර ඔහු ලංකාවට පැමිණි වහාම ඉංජිනේරු සංස්ථාවේ එවකට සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා කැඳවා ‘අපිට රෑට බෝල් ගහන්න පිට්ටනියක් හදන්න පුළුවන්දැයි‘ ඔහුගෙන් විමසා සිටිනවා. එහිදී ඔහු වික්ෂිප්ත වී ටික වේලාවක් බලා සිට ‘පුළුවන් සර්‘ යැයි පිළිතුරු ලබා දෙනවා. ඒ ඔහුට පුළුවන් නිසා නොව තමාගේ රැකියාවට ඇති ආදරය හේතුවෙන්, මොකද ප්‍රේමදාස මහතා තුළ නැහැ, බැහැ කියන වචන ඇසීමට ඇති අකමැති බව ඔහු දැන සිටියා.

ඉන්පසුව ප්‍රධාන ඉංජිනේරුවරයාට ප්‍රේමදාස අගමැතිවරයා “මම ඔයාට මාස 6ක් දෙන්නම් මේක හදන්න යැයි” පවසා සිටිනවා. ප්‍රධාන ඉංජිනේරුවරයා කරකියා ගැනීමට දෙයක් නොමැතිව එම ස්ථානයෙන් පිටව යනවා.

ප්‍රේමදාස අගමැතිවරයා අවශ්‍ය මුදල් සියල්ලම ඉංජිනේරු සංස්ථාවට ලබාදෙනවා. මෙහිදී මාස 4ක කාලයක් තුළ ඔවුන් විදුලි ආලෝක කුළුණු හැර අනෙකුත් ඉදිකිරීම් සිදු කරනු ලබනවා. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කාලය තුළ බොහෝ වතාවක් අගමැතිවරයා මෙය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙනවා. ක්‍රීඩා භූමිය නිර්මාණය කිරීමෙන් පසුව අගමැතිවරයා ඉංජිනේරු සංස්ථාවෙන් අසා සිටින්නේ ඔබට මාගෙන් තවදුරටත් අවශ්‍යවන්නේ කුමක්ද යන්නයි. එහිදී ඔවුන් පවසා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයට විදුලි බුබුළු සවිකිරීම සම්බණ්ධයෙන් ඔවුන්ට දැනුමක් නොමැති බවයි. එය විමසීමෙන් පසුව අගමැතිවරයා සංස්ථාවේ ඉංජිනේරුවන් Australiaව බලා පිටත් කර යවන්නේ විදුලි බුබුළු දැමීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබා ගැනීම සඳහායි.

ඔවුන් පර්ත් ක්‍රීඩාංගණය ඉදි කළ ඉංජිනේරුවන් හා ක්‍රීඩාංගණය බාර ප්‍රධාන නිළධාරියාද හමුවෙනවා. එහිදී ඔවුන් අවශ්‍ය තාක්ෂණය ලබාදෙන අතර ඔවුන් විමසා සිටින්නේ “මේ දේවල් කරන්න ඔයාලට කොච්චර කල් තියෙනවාද” යන්නයි.
එහිදී අප ඉංජිනේරුවන් පවසා සිටින්නේ ‘තව මාස 3ක් විතරයි‘ කියලයි. එසේ කියූ සැණින් ඔවුන් සිනාසී ‘අපිට මේකෙ බල්බ් දාන්නම අවුරුද්දකට වැඩියෙන් ගියා. ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි‘ කියා පවසා සිටිනවා.

ලංකාවට පැමිණීමෙන් පසු මාසයක් තුළ අවශ්‍ය උපකරණ සියල්ල ලබා ගන්නා අතර තවත් මාසයක කාලයක් සඳහා කල් ලබා ගැනීමට අගමැතිවරයා අවස්ථාව ලබා දෙනවා.

පසුව ඔවුන් මාස 3ක කාලය තුළ විදුලි බුබුළු සවිකිරීමට සමත් වෙනවා. නමුත් එම විදුලි ආලෝකය තුළ තරඟ ක්‍රීඩා කල හැකි වුවත් කැමරා කිරීම සඳහා එම එළිය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන්පසුව ඔවුන් මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කරනවා. එහිදී අගමැතිවරයා සඳහන් කරන්නේ දැන් කුමක් සිදු කළ යුතුද යන්නයි. එහිදී ඉංජිනේරුවරුන් මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීමෙන් පසුව මෙම විදුලි බුබුළුවලට වඩා දීප්තියෙන් ඉහළ විදුලි බුබුළු ගෙන්වා ගැනීමට සමත් වන අතර පැරණි විදුලි බුබුළු නැවත හරවා යැවීමට සමත් වෙනවා.

මෙය ඉදිකිරීමෙන් පසුව විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගණය බාර නිළධාරියාටද ආරාධනා කරනු ලබනවා. එහිදී ඔහු ක්‍රීඩාංගණය දැක විශ්මයට පත්වෙන අතර ‘මෙම ක්‍රීඩාංගණයේ තත්වය පර්ත් ක්‍රීඩාංගණයටත් වඩා හොඳයි‘ කියා සටහනක් තබනු ලබනවා.

එවකට ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතන යොදාගෙන කාර්යක්ෂමව යොදා ගන්නේ කෙසේදැයි රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්නුම් කළා. මෙම ක්‍රීඩාංගණය “කෙත්තාරාම” ක්‍රීඩාංගණය ලෙස නම් කරනු ලැබුවා. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මෙම ක්‍රීඩාංගනය “R. PREMADASA” අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස නම් කරනු ලැබුවා.

දැනට වසර කිහිපයකට පෙර ‘දොරමඩලාව’ රූපවාහීනී වැඩසටහනට පැමිණි එවකට රාජ්‍ය ඉංජිනේරු සංථාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය අනුව සටහන ලියන ලදී.

සටහන – සුදේශ් කරුණාතිලක…