― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෛත්‍රීට එරෙහිව රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක්!

මෛත්‍රීට එරෙහිව රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක්!

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අතුරලියේ රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජූඩ් ශාමන්ත ජයමහ කියන පුද්ගලයා නිදහස් කරන හැටියට නිර්දේශ කළේ බන්ධනාගාරය මුල් කරගෙන පවතින විශේෂඥ කමිටුවක්. ඒ පරීක්ෂණයෙන් තමයි තීරණය වුණේ මොහු මරණීය දණ්ඩනයෙන් නිදහස්කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කරලා ඊට පසුව වසර ගණනක් ගියාට පස්සේ ඔහුව නිදහස් කරන්න කියලා නිර්දේශ කළේ මේ විශේෂඥ කමිටුව. ඔබතුමාගේ අත්සනින් තමයි නිදහස් කරන්න පුළුවන්, ඒ නිසා ඒක ගැන සලකා බලන්න කියලා අපි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කීපවතාවක්ම ඉල්ලා සිටි බව ඇත්ත. ඒ වරදට දඬුවම් ලැබූ පුද්ගලයාගේ දෙමව්පියන්ගෙන් යම්කිසි කෙනෙක් මුදල් ලබාගෙන තිබුණු බවට බුද්ධි අංශයෙන් වාර්තා කළා නම් ඇයි එතුමා ඒ ගැන පරීක්ෂණයක් කළේ නැත්තෙ ? මේකෙන් එතුමා මාගේ නම ඉලක්ක කරලා යම්කිසි චෝදනාවක් කළා නම් රටේ ඉන්න ඉහළම නීතීඥයෝ දාගෙන – අපේ හිතවත් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි හොයාගෙන – ඉහළම ආකාරයේ නඩුවක් මම කියනවා. මම කල්පනා කළා අපි සියලු දෙනාම නිදහස් වෙන්න ඕනෙ. මේ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක්ද, එතුමාට නියම ආකාරයෙන් බුද්ධි අංශ මේ ප්‍රකාශය වාර්තා කරලා තිබුණාද, ඒ බුද්ධි අංශ නිලධාරියා කවුද, ඇයි එතුමා පරීක්ෂණයක් නොකළේ කියලා වහාම පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා හිටියා. එතකොට අපට යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒකෙන් නිදහස් වෙනවා”