29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරට පාලනය කරන හැටි තාත්තගෙන් ඉගෙනගන්න - සජිත්

රට පාලනය කරන හැටි තාත්තගෙන් ඉගෙනගන්න – සජිත්

රට වනසන දේශපාලකයන්ගේ බර හා තමන්ගේ බරත් දැරීමට සිදුව ඇත්තේ අහිංසක ජනතාවට බවත් ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 98 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමිනි.

රටේ පාලකයන් ජනතාව විඳින දුක ගැන වගකීම් විරහිතව කටයුතු කරන බවත් තම අරමුණු ඉටුකර ගැනීමේ වැඩපිළිවෙළක් ඇති සමගි ජන බලවේගය ඒ සඳහා කැපවී සිටින බවත් සජිත් එහිදී ප්‍රකාශ කළේය.

දෙවසරක පාලනය යටතේ ජනතාවට උරුම වී ඇත්තේ දේශපාලන නාටක පමණක් බව එහිදී පැවසූ විපක්ෂනායකවරයා කියා සිටියේ ජනතාව රජයෙන් බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස නොවිසඳුණු දුක්ගැනවිලි නොවන බවයි.

රඟපාන්න බැරිකම ගැන මැසිවිලි නඟන්නේ නැති ප්‍රේමදාස ඒ වෙනුවට රඟපාන්නේ කොහොමද කියා පෙන්නූ බවත් යුද්ධ දෙකක් සිදු වූ රට භාරගත් රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව එවැනි අවස්ථාවක ආබාධිතභාවය, නොහැකියාව ගැන කතා නොකර රට දෙපැත්තේ දැල්වෙන පන්දමක් සේ ක්‍රියා කළ බවත් ඔහු පැවසීය.