― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතව අවුරුද්දක්වත් තෙල් පෝලිම් තියෙයි - කංචන

තව අවුරුද්දක්වත් තෙල් පෝලිම් තියෙයි – කංචන

මෙරට මාසික ඉන්ධන පරිභෝජනය අනිවාර්යයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 650 සිට 350 දක්වා අඩු කළ යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කිසිම සමාගමක් පෙර ගෙවුමක් නැතුව දැන් අපට ඉන්ධන ලබා නොදෙන තත්වයට පත්වෙලා තිබෙන්නෙ. ඩොලර් මිලියන 735ක් මේ රටෙන් ගෙවිය යුතුව තිබෙන අවස්ථාවක ඔවුන්ගේ සමාගම්වලින් තවදුරටත් ඉන්ධන ලබාගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක් බවට පත්වෙලා තිබෙනවා. මම විශ්වාස කරනවා තව අඩුම තරමේ අවුරුද්දක කාලයක් ඉදිරියට මේ මූල්‍ය කළමනාකරණය නිසි ආකාරව සිදුවන තුරු අපට ඉන්ධන පෝලිම කියන එක නැතිකරන්න බැරි අවස්ථා එයි ඉදිරි කාලයේදී වුණත්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අපේ පරිභෝජනය ඩොලර් මිලියන 650 ඉඳලා 350ට අඩු කළ යුතුයි. ඒක අඩුකිරීමේදී පොදු ප්‍රවාහනය, කර්මාන්ත, අත්‍යාවශ්‍ය විශේෂ සේවාවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”