― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට වෙනුවෙන් කතා කළ අය අද ඇතුළේ - අරගලය වැනසූ රාජපක්ෂවරු නිදැල්ලේ

රට වෙනුවෙන් කතා කළ අය අද ඇතුළේ – අරගලය වැනසූ රාජපක්ෂවරු නිදැල්ලේ

රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සටන් කළ පිරිස් අද සිරගත කරමින් සිටින බවත් ම්ලේච්ඡත්වය සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ කල්ලිය මේ වනවිට නිදැල්ලේ සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් අරගලකරුවන් බැහැදැකීමට ඊයේ (26) බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද කීය.

අරගලයේ චේතනා තවමත් ජීවමානයි. සමගි ජන බලවේගය ඒ අරමුණු සමඟ නොවෙනස්ව ගමන් කරනවා. රාජපක්ෂවාදය සහ ත්‍රස්තවාදය යන දෙකම අපි ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දුන් රාජපක්ෂලා දැන් නිදැල්ලේ. නමුත් රට වෙනුවෙන් සටන් කළ අය හිරේ දාලා. මේක අසාධාරණයි.

රාජපක්ෂ පවුල් පාලනය අපි මෙරටින් තුරන් කළ යුතුයි. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්න අපි සූදානම්. ආණ්ඩුව තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ලබාදිය යුතුයි.