25 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබන්දුල වැඩබලන අධ්‍යාපන ඇමති ධුරයට

බන්දුල වැඩබලන අධ්‍යාපන ඇමති ධුරයට

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රුසියාවට යාමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙරට නියෝජිතයින් දෙදෙනෙක් ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ රුසියානු සංචාරය හේතුවෙන් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලබා දී ඇත.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිය නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.