― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබන්දුල වැඩබලන අධ්‍යාපන ඇමති ධුරයට

බන්දුල වැඩබලන අධ්‍යාපන ඇමති ධුරයට

ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රුසියාවට යාමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ මෙරට නියෝජිතයින් දෙදෙනෙක් ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ රුසියානු සංචාරය හේතුවෙන් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධුරය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලබා දී ඇත.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිය නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.